කොරෝනා මැඩලීමට රජයේ උත්සාහයට සහය දීම සෑම පාර්ශවයකගේම වගකීමක්...හිටපු කතානායක (වීඩියෝ)

මාර් 21, 2020
  • කොරෝනා වෛරසය මැඩලීම සඳහා රජය දරන උත්සහයට උපරිම සහය ලබාදීම සෑම පාර්ශවයකගේම වගකීමක් බව, හිටපු කථානායක කරූ ජයසුරීය මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, මේ මොහොතේ සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සැලසීමේ නිරතව සිටින සියලු අංශ වෙත සමස්ත ජාතියේම ගෞරවය සහ කෘතඥතාව හිමිය යුතු බවයි.

    මේ තත්වය හමුවේ වඩාත් දුෂ්කරතාවට මුහුණදෙන එදිනෙදා උපයන දෙයින් ස්වකීය දරු පවුල් නඩත්තු කරන ජනතාවට සහන සැලසීමේලා වඩාත් ප්‍රායෝගික විධිමත් වැඩපිළිවෙළක් කෙරෙහි කඩිනම් අවධානය යොමු වියයුතු බව හිටපු කථානායකවරයා අවධාරණය කරයි.

    මෙවැනි මොහොතක පොදු ජාතික අරමුණක් වෙනුවෙන් සමස්ත පුරවැසියන් දිශාගත කිරීම වගකිව යුතු රාජ්‍යකරණයක ප්‍රශස්ත ලක්ෂයක්. සාමූහික තීරණවලට එළඹීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස හිටපු කථානායකවරයා, ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 17:28

    Latest News