ජනාධිපති අපේක්ෂකයාවීමට කරුගෙන් කොන්දේසියක්

සැප් 17, 2019

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලීමක් වුවද, තමාට සළකා බැලිය හැක්කේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය කොට ගෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    ඒ, 1995 වසරේ සිට ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි දේශපාලන බලවේග සහ 17 වන සංශෝධනය මගින් ඉදිරිපත් කෙරුණු 19 වන සංශෝධනය මගින් තහවුරු කළ දියුණු ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන් සමඟ පමණක් බව ඔහු පවසයි. කතානායක කරූ ජයසුරිය මහතා මේ බව පැහැදිලි කරමින් අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඉකුත් සති කිහිපයේ මහා සංඝරත්නය, අනෙකුත් පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ, විවිධ ක්‍ෂේත්‍රගත බුද්ධිමතුන් ඇතුළු බොහෝ පාර්ශවයන් තමා අමතන ලද බව එහි සඳහන්. සුව්ශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙස ඔවුන් ඉල්ලා සිටි බව, කතානායකවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

    තමන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන් වෙත කතානායකවරයා සිය කෘත්‍යවේදීත්වය පළ කර සිටී. තමා ඉදිරිපත් වන්නේ, දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සුරක්‍ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිසයි. ඒ යම් නිශ්චිත සීමිත කාලයක් සඳහායි. එය කිසිවිටෙකත් ජනාධිපති තනතුර අපේක්‍ෂාවෙන් කරන මැදිහත්වීමක් නොවන බව, කතානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කරයි. එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොට ගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම්, එය පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව කතානායකවරයාගේ අදහසයි.

     

     

    Last modified on අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2019 19:30

    Latest News