බදුල්ල - පස්සර මාර්ගය තවදුරටත් වැසේ

දෙසැ 05, 2019

    බදුල්ල - පස්සර මාර්ගය ඊයේ (4) සිට තාවකාලිකව වසාදමා තිබේ.

    මාර්ග සංවර්ධනයක් වන මෙම මාර්ගයේ කැපූවේලි නායගොස් මාර්ගයට පස් හා ගල් කඩාවැටී අවහිර වීම සිදුව තිබේ. මෙම මාර්ගයේ වේවැස්ස 5 කනුව සිට ගෝනගල දක්වා මෙම අවහිරතා පවතී. විකල්ප මාර්ගය වන බදුල්ල දෙකේ කනුව,විනීතගම,වේවැස්ස 6 කනුව දක්වා වන මාර්ගයේ ලොකු වාහන ගමන් කිරීමට නොහැකිවී ඇති අතර කුඩා වාහන ගමන් කිරීමේ දී තදබදයක් පවතියි.

    අද උදේ විභාග සදහා යන දරුවන් හා රැකියා සදහා යන පිරිස පොලිසිය විසින් විකල්ප මාර්ගයේ වාහන යොදවා ප්‍රවාහන කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 10:34

    Latest News