වැලි,ගල් ප්‍රවාහන බලපත්‍ර අහෝසිය සතියක පරීක්ෂණ කාලයකට යටත්..ඇමති බන්දුල

දෙසැ 05, 2019

    වැලිගල් සහ පස් ප්‍රවාහනයේ දී පනවා තිබූ බලපත්‍ර අහෝසිය සතියක පමණ පරීක්ෂණ කාලයකට යටත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වැලිගල් සහ පස් ප්‍රවාහනයේ දී බලපත්‍ර අහෝසිය ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් සිදුකර ඇත.

    ඒ සඳහා පනවා තිබූ බලපත්‍ර අහෝසිය තුළින් වෙළෙඳපොළට බලපාන කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද මේ වන විට පත්කර ඇත. ප්‍රවාහනයේ දී බලපත්‍ර අවශ්‍යතාව තුළින් වැලිගස් පස් වල මිල ගණන් ඉහළ යාම, අමුද්‍රව්‍ය ජනතාවට අවශ්‍ය ලෙස ලබාගැනීමට හැකි ද යන්න මෙම කමිටුවේ නිරීක්ෂණවලට යටත්වන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති අමාත්‍ය මණ්ඩල තොරතුරු දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාවේ දී කියා සිටියේය.

    බලපත්‍ර අහෝසිය තුලින් වැලි,පස් හෝ ගල් මිල ගණන් පහළ යාමත්, නිෂ්පාදන ක්‍රියාවලිය සීඝ්‍ර කිරීමත් අපේක්ෂා කරන බව ද ඔහු පවසයි. ඒ අනූව අපේක්ෂිත අරමුණු තවදුරටත් සාක්ෂාත් කරගැනීමට හැකි වන්නේ නම් පරීක්ෂණ කාල සීමාවෙන් පසු ඉදිරි තීරණ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවනු ඇති බව ද ඔහු කියා සිටියි. වැලි,ගස් හෝ පස් ප්‍රවාහනයට පමණක් පනවා තිබූ බලපත්‍ර අහෝසිකර ඇති බවත් කැනීම් කිරීමේ දී පනවා ඇති නීතිමය රෙගුලාසීන් කිසිවක් වෙනස්කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. මේ අනූව, පරිසර ගැටලු හෝ වෙනත් කිසිඳු ගැටලුවක් ඇතිවීමට ඉඩක් නැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 10:40

    Latest News