සහල් ගැටළුවට ජීවන වියදම් කමිටුවේදී විසඳුම් දෙනවා...ඇමති අනුර

දෙසැ 05, 2019

    වෙළඳපොලේ පවතින සහල් ගැටළුව සම්බන්ධයෙන් ඉදිරියේදී ජිවන වියදම් කමිටුව රැස්වී විසඳුමක් ලබා ගැනිමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    වෙළඳපොලේ පවතින සහල් ගැටළුව සම්බන්ධයෙන් අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් සිදු කළ විමසීමක් පිළිතූරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    නාඩු සහ සුදු කැකුළු සහල්වල හිඟයක් මේ වන විට වෙළඳපොල තුල පවතින බවත් මේ හේතුවෙන් එම සහල්වල මිල ගණනන්ද සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. වෙළඳපොල තුළ නාඩු සහ සුදු කැකුළු සදහා පවතින ඉල්ලුම වැඩිවිම සහ ප්‍රමාණවත් පරිදි සහල් තොඟ වෙලඳපොලට නොපැමිණිම මෙම තත්ත්වයට හේතු වී ඇති බවට වාර්තා වේ.

    මෙම දිනවල සහල් කිලෝවක් රුපියල් 100ත් 150ක් අතර මිලක් වන බව පාරිභෝගිකයින් පවසයි.

    Latest News