කෘෂි නිෂ්පාදන වැඩි කොට ගොවිජන ආදායම නංවමු

දෙසැ 04, 2019

    වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කරමින් රටින් ගලා යන විදේශ විනිමය අපේ රටේ ගොවි ජනතාවගේ ආදායම බවට පත්කර ගැනීමට කැපවෙමු යැයි අදාළ පාර්ශ්වවලින් රජය ඉල්ලා සිටී.

    අපේ රටේ වගා කළ හැකි ආහාර භෝග වගා කරමින් අගය එකතු කොට දේශීය ආහාර සුරක්ෂිතතාව රැක ගැනීමටත්, ගුණාත්මක බවින් යුත් ආහාර සැපයීම වැඩි කර ගැනීමටත්, අගය එකතු කළ හැකි කෘෂි කාර්මික නිෂ්පාදන වශයෙන් ශ‍්‍රී ලංකා සන්නාමය සහිතව අපනයනය කිරීමටත් අපට හැකියාවක් ඇත.
    සීනි, කිරිපිටි, තිරිඟු, කුළුබඩු, එළවළු තෙල්, ධාන්‍ය වර්ග, සත්ත්ව ආහාර පමණක් නොව එදිනෙදා පරිභෝජනයට ගනු ලබන අල, වියළි මිරිස්, ලොකු ලූණු, රතු ලූණු, මුංඇට, උඳු, කුරක්කන් වැනිදෑ ද, වාර්ෂිකව අපේ රටට ආනයනය කරනු ලැබේ. එපමණක් නොව කහ, සියඹලා, කොමඩු, උම්බලකඩ, හාල්මැස්සන් වැනි ද්‍රව්‍ය ද ආනයනය කෙරේ.

    මෙවැනි ආනයන සඳහා අප වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් මිලියන 1,781ක් බව ශ‍්‍රී ලංකා මහබැංකු වාර්තා පෙන්වා දී ඇත. එය රුපියල්වලින් මිලියන 289,532කි. අප රට තුළ ඉහත කී ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි නම්, මේ සා විශාල විදේශ විනිමයක් වැය කිරීමට අවශ්‍යතාවක් නැත. මේ ආහාර භෝග රට තුළ නිෂ්පාදනය කරගතහොත් අපේ ගොවි ජනතාවට විශාල ආදායමක් මෙන්ම, ඒවාට අගය එකතු කොට කර්මාන්තවලින් විශාල රැකියා ප‍්‍රමාණයක් ගම්බද ප‍්‍රදේශවල උත්පාදනය කළ හැකිය.

    2019/20 මාස්කන්නය දැන් උදා වී ඇත. ඒ සඳහා අවශ්‍ය යහපත් දේශගුණික තත්ත්වයත්, වාර්ෂාපතනයත් ලැබෙමින් පවතී. සියලු ජලාශ පිරෙමින් පවතී. වාරිමාර්ග මෙන්ම වාරිමාර්ග නොවන ඉඩම්වල දැනටමත් වී වගාව ආරම්භ වී හෝ ආරම්භ කෙරෙමින් ඇත. බඩඉරිඟු, මුංඇට, කවුපි වැනි භෝග මෙන්ම වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කරමින් ජාතික ආර්ථිකයේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිකරමින් රටින් ගලා යන විදේශ විනිමය අපේ රටේ ගොවි ජනතාවගේ ආදායම බවට පත්කර ගැනීමට කැපවෙමු යැයි අදාළ පාර්ශ්වයන්ගෙන් රජය ඉල්ලා සිටී.

    2018 වසරේ මෙරටට ආනයනය කළ කෘෂි කාර්මික භාණ්ඩ

    kuludd.jpg

    Latest News