මෙවැනි තීරණාත්මක මොහොතේ ජනතා අපේක්ෂාවන් පිළිබදව අවධානය යොමු කොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව වහා කැදවා ජාත්‍යන්තර වශයෙන් දේශයේ ප්‍රතිරූපයට හානියක් නොවන පරිද්දෙන් විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව මතුව ඇති බව මහනාහිමිවරු පවසති.

ව්‍යසනකාරී අවස්ථාවක දේශපාලන වාසි ලබාගැනීමට විපක්‍ෂයේ ඇතැමුන් උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව, මහා සංඝරත්නය පවසති.

අද සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7.00 සිට 8.00 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පිංකම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය නිවේදනයක් නිකුත් කරමින් සියළු විහාරස්ථානවලින් ඉල්ලීමක් කර තිබේ.

කොරෝනා වෛරසය රටෙන් තුරන් කිරීමට රජය හා සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළට රටේ සියලු පුරවැසියන් සහය දැක්විය යුතු බව, මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් පවසයි.

අප්‍රේල් පළමුවැනිදා සිට 07 වැනිදා දක්වා කාලය තුළ ජනතාවට ආශිර්වාද කිරීමට යොමු වන්නැයි, ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කථානායක කරුජයසුරිය මහතා අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි හා රාමාඤ්ඤ මහානායකහිමියන් බැහ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Latest News