නවසීලන්ත, බංග්ලාදේශ මහ කොමසාරිස්වරුන් හා අගමැතිතුමා අතර හමුව (වීඩියෝ)

දෙසැ 04, 2019

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ජොආනා කොම්(ප්)කර්ස් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

    ඒ අරලියගහ මන්දිරයේදී. දෙරට අතර පවතින දැඩි මිත්‍රත්වය හා ශ්‍රී ලංකාවේ දියර කිරි ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට අදාළ කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ. දුගීභාවය තුරන් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

    මේ අතර, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. හමුව සිදුවූයේ අද උදේ අරලියගහ මන්දිරයේදී. අන්තර් ජාතික වෙළෙඳාම ඇතුළු විෂයන් කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැණින. මෙහිදී මහකොමසාරිස්වරයා, බංග්ලාදේශ අගමැති ෂික් හසීනා මැතිණියගේ සුභාශිංසන අගමැතිතුමා වෙත පිරිනමනු ලැබීය.

    Bangladesh px 900 04 12 19

    Last modified on බදාදා, 04 දෙසැම්බර් 2019 20:28

    Latest News