වැස්සත් සමග බදුල්ලේ මාර්ග අබලන් තත්වයට

දෙසැ 04, 2019

    බදුල්ලට නොකඩවා ඇදහැලෙන මහ වැසි නිසා බදුල්ල නගරය දැඩි අපිරිසිදු තත්වයකට පත්ව තිබේ.

    නගරයේ සියලු මාර්ග දැඩිසේ අබලන්ව ඇති අතර වැසි දිය පිරීම නිසා වාහන ගමනා ගමනයට මෙන්ම පාගමනින්වත් ගමන් කිරීමට නොහැකිවී ඇතැයි අප වාර්තාකරු පවසයි. මෙම අබලන් මාර්ග වියලි කාලයේ පිළිසකර කර නොතිබිම නිසා මේ තත්වය ඇතිවී තිබේ.

    රුපියල් බිලියන ගණනක මුදලින් මීට වසර කීපයකට පෙර මේ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කළත් ඒවා නිසි ප්‍රමිතියකින් සිදුනොවීම මේ තත්වයට හේතුව ඇතැයි නගර වැසියෝ කියති. නරගබලධාරින් මේ පිළිසකර නොකිරිම ගැන ජනතාව දොස් කියති.

    Latest News