රංටැඹේ ජලාශයට පහලින් මහවැලි ගඟ දෙපස ජනතාව ප්‍රවේශමෙන්

දෙසැ 04, 2019

    රංටැඹේ ජලාශයට පහලින් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවටට ප්‍රවේශම් වන ලෙස රංදෙනිගල හා රංටැඹේ ජලාශයේ කාර්යය භාර ඉංජිනේරු දැනුම් දෙයි.

    ඉදිරියේදී වාන් දොරටු හදිසි විවෘත කිරිම් තුලින් මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍රෙයන් ඉහල යා හැකි බැවින් ගඟ දෙපස හා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස රංදෙනිගල හා රංටැඹේ ජලාශායේ කාර්යය භාර ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා දන්වා සිටී.

    පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතනය සමග උමාඔයේ සීග්‍ර ජය මට්ටම ඉහල යෑමත් ඒ හේතුවෙන් අධික ලෙස රංටැඹේ ජලාශයට විශාල ජලධාරිතාවයක් එක් රැස් වීම හේතුවෙන්, ජලාශයේ ජල මට්ටම් පාලනය කිරිම සඳහා රංටැඹේ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත කිරිමට සිදුවන හෙයින් ජලාශයට පහලින් මිනිපේ, මහියංගණ හා ත්‍රිකුණාමලය දක්වා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසට ඒ මහතා දන්වා සිටී.

    Latest News