7 වැනි මිත්‍ර ශක්ති අභ්‍යාසයට යුද හමුදාවෙන් 120ක් ඉන්දියාවට

නොවැ 30, 2019

    ඉන්දියාවේ දී හෙට (01) ආරම්භ වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා සමාජිකයින් 120 ක් පමණ ඊයේ (29) පසවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. එය ඉන්දියාවේ "පූනේ කුමාඕන්" යුද හමුදා කදවුරේ දී ආරම්භ වීමට නියමිතයි.

    ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සදහන් කළේය.

    දෙරට භට පිරිස් අතර අන්තර් සම්බන්දතා වැඩි දියුණු කර ගැනීම, යුද සහයෝගීතාවය, ඒකාබද්ධ උපාය මෙහෙයුම් පැවැත්වීම, දෙරට යුද අත්දැකීම් හුවමාරු කර ගැනීම, අනාගතයේදී සිදුවිය හැකි ආරක්‍ෂක තර්ජන සඳහා සුදානම් වීමට අවශ්‍ය ප්‍රමාණවත් දැනුමක් ලබාගැනීම මෙම යුද පුහුණවේ අරමුණයි. මෙම යුද අභ්‍යාසය 2012 වර්ෂයේ සිට දෙරටේ අවස්ථා තුන බැගින් පවත්වා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සදහන් කළේ.

     

    Last modified on සෙනසුරාදා, 30 නොවැම්බර් 2019 09:29

    Latest News