සෙල්ලම් නොකර බදු සහන දෙන්න: ජනපති සමඟ සෙල්ලම් බැහැ: අමාත්‍ය එස්. එම්.

නොවැ 29, 2019

    බදු සහන ව්‍යාපාරිකයන් ලබාගෙන ජනතාවට නොදී සිටීමට සිටින බවත් එවැනි අයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොලැබෙන බවත් බදු සහන ජනතාවට ලබා දෙන්නැයි පරිසර වනජීවී ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දුන් ජනතාවට ස්තූතිය පළ කිරීම සඳහා කැකිරාව මඩාටුගම පැවති රැස්වීමකදී අමතමින් ඔහු මේ බව අද කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ මින් ඉදිරියට රට තුළ ප්‍රභාකරන්ලා, සහරාන්ලා බිහි නොවන බවයි.  රටේ දිස්ත්‍රික්ක රැසක පවතින අලි-මිනිස් ගැටුම මාස කීපයක් තුළ මැඩපැවැත්වීම සඳහා දෙසැම්බර් පළමුවැනිදා සිට ‍දිස්ස්ත්‍රික්කයෙන්, දිස්ත්‍රික්කයට ගොස් මෙම කඩිනම් විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද චන්ද්‍රෙස්න මහතා සඳහන් කළේය. පළමු වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් ඇඹිමට සැලසුම් කර ඇතැයි ඇමැතිවරයා පැවැසීය.

    විල්පත්තු අභයභූමියේ සිද්ධිය වසර පහක් තිස්සේ ජනතාව බලා සිටි ප්‍රශ්නයක් බවත් පසුගිය දිනක අධිකරණයට ගොස් පරිසර අමාත්‍යංශය නිළධාරීන් පිරිසක් සමතයකට පත්වීමට යෝජනාකර තිබෙන බවත් එය නිලධාරීන්ගේ මතය පමණක් බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හෝ වීෂය භාර අමාත්‍යවරයා වන තමාගේ මතය නොවන බව සඳහන් කළේය.

    අධිකරණයේ කටයුතුවලට කිසිදු ඇඟිලි ගැසීමක් සිදු නොකරන ලෙසත්, අභයභූමිය අවශ්‍ය ජනතාව පදිංචි විය යුතුද, වන සංරක්ෂණය වන සතුන් රැකෙන අවශ්‍ය යන්න අධිකරණය තීන්දු කරන බවත්, අධිකරණය ලබා දෙන තීන්දුව පිළිගන්නා බවත්, ඇමැතිවරයා හැටියට තමන් අධිකරණයේ තීන්දු තීරණ වලට මැදිහත් නොවන බව කීවේය. තම අදහස සම්බන්ධයෙන් වනජිවි නිළධාරින් කැඳවා දැනුවත් කළ බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා අවධාරනය කළේය.

    Latest News