තොරතුරු තාක්ෂණ බදු අහෝසියි - ඇමති බන්දුල

නොවැ 29, 2019

    තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියලුම බදු වර්ග දෙසැම්බර් 01 වැනි දින සිට මුළුමනින්ම අහෝසි කර ඇතැයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ, උස්ස අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා සදහන් කළේ, තොරතුරු තාක්ෂණයට සම්බන්ධ සියලු අනුසාංගික වන සියලුම ඉපයිම, දේශීය හා විදේශිය කිසිම බද්දකට යටත් නොවන බවයි.

    එයට හේතුව එම අංශය ඉතා වේගයෙන් සංවර්ධනය කළ යුතු බැවිණි.

    ආදායම් බදු, වැට් බදු, ජාතිය ගොඩනැඟිමේ බද්ද, ආදි සියලුම බදු වර්ග වලින් මෙය නිදහස් බව ඇමතිවරයා සඳහන් කළේය.

     

    Last modified on සිකුරාදා, 29 නොවැම්බර් 2019 11:57

    Latest News