කටුපොල් වගාව තහනම් කර ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ කියයි

නොවැ 29, 2019

    කටුපොල් වගාව තහනම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, ඊට අදාළ තීන්දුව පසුගිය රජයේ කැබිනට් මණ්ඩලයේදී ගෙන ඇති බවයි.

    එම තීන්දුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරවීමට වත්මන් රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේය.

    කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා පසුගිය සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්විය.

    එහිදී ජනතාව ප්‍රකාශ කළේ, කටුපොල් වගාව හේතුවෙන් තමන් ජීවත්වන ප්‍රදේශවල දිය උල්පත් සිඳී ගොස් ඇති බවයි.

    Last modified on සිකුරාදා, 29 නොවැම්බර් 2019 11:22

    Latest News