එජාප නායක සහ විපක්ෂ නායක අර්බුදය පැය 48න් අවසන් - මනෝ ගනේෂන්

නොවැ 28, 2019

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායක ධුරය පිළිබඳ ගැටලුවට පැය 48ක කාලයකින් විසඳුමක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

    අද පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේශන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තුළ කිසි ලෙසකින්වත් බෙදීමක් සිදු නොවන බවයි.

    එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය යනු එක්සත්ව ඉදිරියට යන පක්ෂයක් බවයි. සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අසනීපයෙන් පසුවන බැවින් අද පැවති සාකච්ඡාවට සහභාගි නොවු බවත් ආශු මාරසිංහ මහතා පැවසිය.

    සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එක් අයෙක් විපක්ෂ නායක ධුරයත් අනෙක් කෙනා පක්ෂ නායක ධුරයත් භාර ගත යුතු බව එක්සත් ජාතික පෙරමුණේ පා.ම.පී.දිගම්බරන් මහතා කියා සිටියේය.

    Latest News