ජනපති රට යයි

ජූනි 17, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

    එමිරේට්ස් ගුවන් සේවයට අයත් E.K 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි, වාර්තා වන්නේ.

    බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.

     

    Latest News