අගමැති දළදා මාලිගයේ කිරි ආහාර පූජාවට එක්වෙයි

නොවැ 24, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණ අලුයම කිරි ආහාර පූජාවට එක්විය.

    ශ්‍රී දළදා මාලිගයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසින්. කිරි ආහාර පූජාව නිම වීමෙන් පසු අග්‍රාමාත්‍යතුමා දළදා මාලිගයට පැමිණ සැදැහවතුන් සමග ද සුහද පිළිසඳරක නිරත විය.

    අනතුරු අග්‍රාමාත්‍යතුමා ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන් වහන්සේ සමග සාකච්ජාවක නිරතවිය.

    Last modified on ඉරිදා, 24 නොවැම්බර් 2019 12:48

    Latest News