කොළඹ කසළ කළමනාකරණය අධීක්ෂණය අද සිට පොලීසියෙන්

නොවැ 24, 2019

    පොලිස් පාරිසරික කොට්ඨාසය හා පාරිසරික ඒකකය එක්ව පරිසරය සුරැකීමේ මෙහෙයුමක් අද ආරම්භ කෙරිණ.

    එහි ප්‍රථම වැඩසටහන ආරම්භ කෙරුණේ, කොළඹ නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයෙන්. ඊට සමගාමීව ගාලුමුවදොර පිටියේ හා පිටකොටුව බෝ සමිඳු අභියසදී ද පාරිසරික මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ. කොළඹ ප්‍රදේශයේ කසළ කළමනාකරණයේ යෙදෙන පෞද්ගලික ආයතන අධීක්ෂණය කිරීම ද මින් පසු සිදු කෙරෙන්නේ පොලිස් පරිසර කොට්ඨාසය මගින්. නව මෙහෙයුමෙහි සමාරම්භක අවස්ථාවට එක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළේය.

    Last modified on ඉරිදා, 24 නොවැම්බර් 2019 12:12

    Latest News