අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ දළඳා සමිඳු වැඳ පුදා ගනී (වීඩියෝ)

නොවැ 23, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (23) පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

    අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි. අනතුරුව අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්විණි. ඉන්පසුව අග්‍රාමාත්‍යතුමා විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පිටුවේ සටහනක් තැබුවේය. ඒ වැඩිම වාර ගණනක් මෙහි සටහන් තැබූ නායකයා වශයෙනි. මේ අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද එක්ව සිටියහ.

    දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවේය.

    ඉන් අනතුරුව, අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. 

    අනතුරුව, අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, ආගමික වතාවත්වල නිරතවිය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමිපාණන් සහ ප්‍රධාන වින්සත් වර්ගික කාරක සංඝ සභාව විසින් මංගල උපෝසතාගාරයේදී අග්‍රාමාත්‍යතුමන්ට සෙත්පතා ජය පිරිත් සජ්ජායනා කළේය.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 20:37

    Latest News