ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ වැඩසටහනට සහයෝගය දෙන්න - ඩලස් (වීඩියෝ)

නොවැ 23, 2019

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    භේදයකින් තොරව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන ලෙස අමාත්‍යවරයා එහිදී තරුණ සේවා සභාවේ නිල්ධාරී මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කළේය.

    ඒ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ...


    “ඔබට යම් දේශපාලන මතවාදයක් තියෙන්න පුළුවන් අපි ඒකට ගරු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනයට එකඟ නොවන දේශපාලන මතවාදයක ඔබ ඉන්න පුළුවන්. ගෞරව පෙරදැරිව අපි ඉල්ලීමක් කරන්නේ. ඒ කිසි ලෙසක එවැනි මතවාද මේ සෞභාග්‍ය දැක්ම ශ්‍රී ලාංකීය යෞවනයට බද්ධ කරන වැඩපිළිවෙල දී බාධාවන් විදිහට කරගන්න එපා. ගෝඨාභය රාපක්ෂ මහතාට හොඳ දැක්මක් තියෙනවා. මෙරට ඉන්න බහුශ්‍රැතම නායකයා එතුමාගේ අගමැති වශයෙන් පත්වෙලා ඉන්නවා. එතුමාට හොඳ ටීම් එකක් ඉන්නවා. මේ රටේ ගොඩාක් ආණ්ඩුවලට තිබ්බ ප්‍රශ්නයක් තමයි හොඳ ටීම් එකක් හිටියේ නැහැ. විෂය භාර ඇමතිවරයාට මං කියන්නේ අපිට ඉතිහාසය නැවත ලියන්න පුළුවන්. අපට අනාගත අලුත් පරිච්ඡේද රාශියක් එකතු කරන්න පුළුවන්. විශ්වාස තියෙනවා. හැබැයි පටන් ගන්න ඕන තැනක් මෙතන. අපි එතනින් පටන් ගම්මු. ” යැයි ප්‍රකාශ කළේය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත සහ චරිත හේරත් ලලිත් පියුම් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    Latest News