හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 04 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

රජයේ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය හා අදූරදර්ශී තීරණ හේතුවෙන් වර්තමානයේ රට තුළ ආර්ථික අර්බුදයක් හා දරාගත නොහැකි උද්ධමනයක් නිර්මාණය කිරීම තුළින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ වරුන් වන බැසිල් රාජපක්ෂ, අලි ෂබ්රි, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත භාර දී ඇත.

තමන් සුපුරුදු සුවෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

අලුත් අවුරුදු පණිවුඩයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ පවතින දුෂ්කර කාලය පසුකර යෑමට සියලු දෙනා එක්ව සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බවයි.

ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම් සමග රජය සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ආනාගතය රඳා පවතින්නේ, එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට ශක්තියක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ දී සිහිපත් කළේය.

පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Latest News