ඉදිරි දිනවල පළාත් රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි (වීඩියෝ)

නොවැ 23, 2019

    ඉදිරි දිනවල දිවයිනේ පළාත් රැසකට සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා පොතුවිල් ඔස්සේ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 79 සිට 80 දක්වා තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලික ඉතා රළු විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්වේ.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 20:34

    Latest News