කරූගේ පුටුවට වාසු

නොවැ 23, 2019
    කථානායක කරූ ජයසූරිය මහතා එම තනතුරින් ඉවත් කර ඊට වාසුදේව නානායක්කාර මහතා පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇති බව වාර්තා වේ.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවකදී මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කර ඇති බවය ආරංචිමාර්ග පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානි ලෙස කථානායකවරයා විශාල බලයක් උසුළන බැවින් එම තනතුර තම පක්ෂයට ලබාගැනීමේ වැදගත්කම ද ඔවුන් පෙන්වා දී තිබේ.
    කථානායකවරයා ඉවත් කර නව කථානායකවරයකු පත් කරගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ සහාය අසීරු දෙයක් නොවන බවත් මෙහිදි සාකච්ඡාවි ඇත. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල ද විපක්ෂ නායක තනතුරේ අර්බුදය නිසා කරූ ජයසූරිය මහතා කෙරෙහි අමනාපයෙන් සිටින බැවින් ඔවුන්ගේ සහාය ලබාගත හැකි බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශ්වාසය පල කරයි.
     
    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 11:21

    Latest News