ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 82 වන රැස්වීම ඊයේ(03) පස්වරුවේ එහි සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති විණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ සහ බිමල් රත්නායක යන මහත්වරු ඊට සහභාගී වූහ.

ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද ඊට එක්ව සිටියහ.

හින්දු බැතිමතුන් සිදු කරන උපවාසයේ බලයෙන් සමස්ත ලෝකයටම යහපතක් වේවා’යි යන පැතුමෙන් අරුත්බර මහා ශිව රාත්‍රී සැමරුමකට සුභාශිංසනය කරන බව කථානායකතුමා සඳහන් කරයි.

පා.ම. රන්ජන් රාමනායක විසින් දුරකතන සංවාද ඇතුළත් හඬපට කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ලබාදී නැති බව කතානයකවරයා යළි දැනුම් දෙයි.

මේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායක කරූ ජයසූරිය මහතා එම තනතුරින් ඉවත් කර ඊට වාසුදේව නානායක්කාර මහතා පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Latest News