හින්දු බැතිමතුන් සිදු කරන උපවාසයේ බලයෙන් සමස්ත ලෝකයටම යහපතක් වේවා - කථානායකතුමා

පෙබ 21, 2020

    හින්දු බැතිමතුන් සිදු කරන උපවාසයේ බලයෙන් සමස්ත ලෝකයටම යහපතක් වේවා’යි යන පැතුමෙන් අරුත්බර මහා ශිව රාත්‍රී සැමරුමකට සුභාශිංසනය කරන බව කථානායකතුමා සඳහන් කරයි.

    “හින්දු ආගමික විශ්වාසයන්ට අනුව විශ්වයේ උපත සහ ආරක්ෂාව නිරූපණය කරන ශිව දෙවියන්ගේ වඩාත් ප්‍රිය වු මහා ශිව රාත්‍රිය තුළින් විශ්වසාධාරණ වු ගැඹුරු හර පද්ධතීන් රැසක් පිළිඹිබු කරයි.

    ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්වීය නර්තනය සිදු වු මහා ශිව රාත්‍රී සැමරුම සකල කලා අංගයන්ගෙන් සමන්විත හින්දු සභ්‍යත්වයේ පොහොසත් බව ප්‍රකට කරවන සංස්කෘතික උළෙලකි.

    ශිව දෙවියන් ලෝකය කෙරෙහි පතල කළ අපරිමිත කරුණාව සිහි ගන්වමින් සමරන මහා ශිව රාත්‍රිය දෙවියන් සතු වු උසස් ගුණ ධර්මයන්ට සමීප වීමට මිනිසා පොළඹවයි. මොහඳුර දුරු වී ප්‍රඥා ලෝකය දැල්වේවා’යි යන උතුම් ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් සිදු කරන උපවාසයේ බලයෙන් සමස්ත ලෝකයටම යහපතක් වේවා’යි යන පැතුමෙන් අරුත්බර මහා ශිව රාත්‍රී සැමරුමකට සුභාශිංසනය කරමි.!” යැයි සඳහන් කරයි.

    Latest News