ඩීසල් - දැවි තෙල් අනාගතය තීරණය කරන්න ඇමති කමිටුවක්

මාර් 29, 2021

    වර්තමාන විදුලි ජනන සැලසුම් සහ සිදුවිය හැකි අඩුපාඩු (Lapses) අවම කිරීම සදහා යෝජිත ක්‍රියාමාර්ග ගැනීම පිණිස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයෙන් කරනු ලැබු ඉල්ලීමට අනුව වාසුදේව නානායක්කාර, බන්ධුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනුකාරක සභාවක් පත්කර ඇත.

    අමාත්‍ය අනුකාරක සභාවේ නිර්දේශ සති දෙකක් (02) ඇතුළත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු අතර එහි පළමු කමිටු රැස්වීම මාර්තු 29 වැනි සදුදා සවස 03.00ට රැස්වීමට නියමිතය.

    පුනර්ජනනීය බලශක්තිය උපරිමයෙන් යොදාගත් විදුලි ජනනයෙන් 70%ක් පිවිතුරු බලශක්ති ප්‍ර‍භවයන් වියයුතු බව, සෞභාග්‍යයේ දැක්මෙහි අවධාරණය කොට ඇති අතර ඒ අනුව 2025 වසර වනවිට ඩීසල් හා දැවි තෙල් භාවිතය 5% දක්වා අවම කිරීමත්, 2030 දී එය 1% ක් දක්වා සීමා කිරීමත් විදුලිබල අමාත්‍යාංශයේ පිළිවෙත වේ.

    මෙකී ප්‍ර‍තිපත්ති රාමුව තුළ දැනට රාජ්‍ය සහ පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යනු ලබන ඩීසල් හා දැවි තෙල් බලාගාරවල අනාගතය කෙසේ වියයුතුද යන්න විශේෂිතව සලකා බලනු ඇත.

    Latest News