තිලංගට එරෙහි ක්‍රිකට් නඩුව සඳුදා විභාගයට

නොවැ 30, 2018

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තිලංග සුමතිපාල මහතා විසින් භාර දී ඇති නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාග කිරීම ලබන සඳුදා (12/03) දක්වා කල් තැබීණ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු අතර වෙනත් නඩු විභාග ඇති බැවින් මෙම පෙත්සම විභාගය කල් තබන බව විනිසුරුවරු නිවේදනය කලේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට එම ධුරය සඳහා නාමයෝජනා භාරදීමට සුදුසුකම් නොමැති බව නිශාන්ත රණතුංග මහතා සිය පෙත්සමෙන් කියා සිටියි. එසේ තිබියදී ඔහුගේ නාමයෝජනා පත්‍රය ක්‍රිකට් නිලවරණ කමිටු භාරගෙන ඇති බැවින් එය නීති විරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News