අගමැතිගේ ප්‍රථම ආදරය තිලංග මොරටුවේදි හෙලි කරයි

ජන 03, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට ගත් තීරණය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වැටේ කියා යම් පාර්ශව සඳහන් කළත් එසේවීමට ඉඩනොදෙන බව තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව නව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමින්.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගෙන පෝෂණය කර ගෙන ඉදිරියට යා යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදිමේදි පක්ෂයට වඩා රට ගැන සිතු බවත් ඔහු අවධාරනය කළේය. පක්ෂය ජයග්‍රාහනය කර ගෙන යාමට අවශ්‍ය කාලය එලඹ ඇති බවත් තිලංග සුමතිපාල මහතා පෙන්වා දුනී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ආදරය ශ්‍රීලංකා නිදහස් පක්ෂය බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මෙහිදී සඳහන් කළේය. එය අගමතිවරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමන්ට කියා සිටි බවත් ඔහු සුමතිපාල මහතා කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැටෙන්නට ඉඩනොදී ආරක්ෂා කර ගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද, රාජ්‍ය අමාත්‍යවැයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    Last modified on සිකුරාදා, 03 ජනවාරි 2020 17:27

    Latest News