අද රාත්‍රී සිට පෙට්‍රල් මිල 5කින් පහළට

නොවැ 30, 2018

    අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දැමීමට රජය තීරණය කර තිබේ. 

    ඒ අනූව, පෙට්‍රල් හා ඩීසල් වර්ග සියල්ල රුපියල් 5කින් අඩු කරන බවයි, දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ.  රුපියල් 140ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135යි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරය නව මිල රුපියල් 162ක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.  ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111 සිට 106 දක්වා ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 131 දක්වා ද පහත දමා තිබේ.  නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉන්ධන මිල අඩු කළ තෙවැනි අවස්ථාව මෙයයි.

     

    Last modified on සිකුරාදා, 30 නොවැම්බර් 2018 15:33

    Latest News