සමාගම්වලට තනිමතේට පිටිමිල වැඩිකරන්න බෑ...අමාත්‍යාංශ ලේකම්

නොවැ 15, 2019

    වෙළෙදපොළේ අලෙවිවන තිරිඟුපිටි කිලෝවක මිල, තිරිඟුපිටි අලෙවියේ නිරත සමාගම්වලට ඒකපාර්ශවීයව වැඩිකළ නොහැකි බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන පවසයි.

    ඒ අනූව, වෙළෙදපොළේ තිරිඟුපිටි කිලෝවක මිල රුපියල් 8.50කින් වැඩිකරන ලෙස දැනුම්දී ඇතැයි පළකෙරෙන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඇය කියා සිටියි. මේ අනූව, දැනට පවතින තිරිඟුපිටි මිල වැඩිකිරීමට රජය කිසිඳු අවසරයක් ලබා දී නැතැයි, ඇය ප්‍රකාශ කරයි.

    තිරිඟුපිටි සමාගම්වලට මිල වැඩිකිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුවේ එකඟතාවයෙන් ද පසු කැබිනට් අනුමැතියෙන් වැඩිකිරීම සිදුවේ. මේ අනූව, කිසිඳු අයුරකින් පිටි සමාගම්වලට ඒක පාර්ශවිකව මිල වැඩිකිරීමක් සිදුකළ නොමැති බව ඇය ප්‍රකාශ කරයි.

    Chandani 900px 19 11 15

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 15:59

    Latest News