රුපියල් තුනේ රේගු සහන ඉවතට

මැයි 08, 2023

    තිරිගු පිටි සඳහා ලබා දී තිබූ රුපියල් තුනක රේගු බදු සහනය ඉවත් කළ බවත්, එහි ප්‍රධාන අරමුණ දේශිය වී ගොවියා ආරක්ෂා කර ගැනීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

    ඒ හරහා තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    සහල් සඳහා වන ප්‍රධානතම ආදේශකය වන තිරිඟු පිටි සඳහා ලබා දී තිබූ සහනය ඉවත් කිරීමෙන් යැපුම් මට්ටමේ වී ගොවීන් ආරක්ෂා කිරීමට තිරිඟු පිටි මිල කළමණාකරණය කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

    ඔහු මේ අදහස් පළකලේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි.

    Last modified on සදුදා, 08 මැයි 2023 10:41

    Latest News