ඡන්දය භාවිත කරන නිවැරදිම ආකාරය

නොවැ 15, 2019

    මෙවර මැතිවරණයේදී කතිරය හා ඉලක්කම භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

    ඒ අනුව ඡන්දය භාවිත කළ හැකි ආකාරය පහත පරිදිය

     

    01. තම අපේක්ෂකයාට x (කතිරය) හෝ 1 (අංක එක) යෙදීමෙන් ඡන්දය භාවිත කළ හැකි වේ.

    02. මනාප සටහන් කරන්නේ නම් තමන් කැමති අපේක්ෂකයින් වෙනුවෙන් පිළිවෙළින් අංක 1,2,3 යෙදීමෙන්

    ඡන්දය භාවිත කළ හැකියි.

    කෙසේ වෙතත් කතිරය හා අංක යන දෙකම ඡන්ද සළකුණු කිරිමේ පත්‍රිකාවේ යෙදීම සිදුකළහොත් ඔබගේ ඡන්දය අවලංගු වේ. එසේත් නොමැති නම්, ප්‍රතික්ෂේප වූ ඡන්දයක් බවට පත්වනු ඇත.

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 16:17

    Latest News