පරිප්පු සහ ටින් මාළු පාලන මිල ඉවතට

මැයි 03, 2020
    පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65/- ක් සහ ග්‍රෑම් 425 ක ශුද්ධ බරින් යුත් ටින් කළ මාළු රුපියල් 100ක් ලෙස උපරිම මිල නියම කරමින් පනවා තිබු පාලන මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    පරිප්පු සහ ටින් කළ මාළු ‬සඳහා ඉකුත් මාර්තු මස 17 වෙනිදා සිට පනවා තිබු පාලන මිල ඒ අනුව ඉවත් වෙනු ඇති.

    95627689 666122303951647 3812834556776546304 n

    Latest News