සවස 2.00 ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්හාය ගන්න - මැතිවරණ කොමිෂන් සභාව

නොවැ 15, 2019

    සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටී.

    මෙවර ඡන්ද විමසීමේ කාලසීමාව පැයකින් දීර්ඝ කර තිබේ.

    ඒ අනුව, ඡන්ද විමසීම උදෑසන 7.00 ට ආරම්භ කර සවස 5.00 ට අවසන් කිරීමට නියමිතයි.

    කල්වේලා ඇතිව ඡන්දපළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Latest News