තිරිගු පිටි සඳහා ලබා දී තිබූ රුපියල් තුනක රේගු බදු සහනය ඉවත් කළ බවත්, එහි ප්‍රධාන අරමුණ දේශිය වී ගොවියා ආරක්ෂා කර ගැනීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබේ.

තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

වෙළෙදපොළේ අලෙවිවන තිරිඟුපිටි කිලෝවක මිල, තිරිඟුපිටි අලෙවියේ නිරත සමාගම්වලට ඒකපාර්ශවීයව වැඩිකළ නොහැකි බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන පවසයි.

Latest News