2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ..පළමු ප්‍රතිඵලය රාත්‍රී 12.00ට පෙර

නොවැ 16, 2019

    2019 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පෙරවරු 7.00ට ආරම්භ විය.

    එය පස්වරු 5.00 දක්වා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,845ක් පිහිටුවා තිබේ.

    මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකකට අධිකයි. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හැට දහසක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් අට දහසකට අධික පිරිසක් සහ අවශ්‍ය වුවහොත් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද සේවයට යොදවන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    පළමු ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රී 12.00ට පෙර නිකුත් කිරීමට හැකි වෙතැයි, මැතිවරණ කොමිසම පවසයි.

    Last modified on සෙනසුරාදා, 16 නොවැම්බර් 2019 07:22

    Latest News