සිරිපා අවට අනවසර කඩ ඉවතට

නොවැ 30, 2018

    එළඹෙන ශ්‍රී පාද වන්දනා වාර්යේදී, නල්ලතන්නියේ සිට සීත ගඟුග දක්වා ඉදිකර තිබෙන අනවසර වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

    පොලීසියේ සහයෝගය ඇතිවයි එම වෙළෙඳසැලේ කඩා ඉවත් කිරීමට තීරණය කෙරුණේ. ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධව නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට ඊයේ නල්ලතන්නියේ පැවති විශේෂ සාකච්ජාවකදීයි මෙම තීරණ ගනු ලැබුවේ. මස්කෙළිය ප්‍රාදේශීය සභාවෙන් තෝරාගත් ස්ථාන කිහිපයකම සීසීටීවී කැමරා පද්ධතියක් සවි කිරීමටත් මෙහි දී තීරණය කෙරුණි. ශ්‍රී පාද වන්දනා වාර්යේ දී වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහ පොදු ස්ථාන ආරක්ෂා කර ගැනීමට හා පරිසරයට කැලිකසල හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කරන අය නීතියේ රැහැනට හසුකර ගැනීමටයි, මෙම තීරණය ගනු ලැබුවේ.

    මෙහි දී පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය නල්ලතන්නිය වෙත රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කරන බව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා මෙහි දී දැනුම් දුනි. එමෙන්ම, ශ්‍රී පාද වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද දියත් කෙරේ. ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කෙරෙන්නේ, උඳුවප් පොහේ දිනෙනුයි.

    Latest News