ශ්‍රී පාද වාරය අවසන්..... දේවා භරණ පැල්මඩුල්ලට

මැයි 19, 2019

    ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ වලින් කොටසක් රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කිරිම අද උදැසන 7.15 ට ආරම්භ කෙරිණ.

    තවත් පෙරහැරක් අද පෙරවරුවේ ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා ගමන් කර නල්ලතන්නියේ සිට රිය පෙරහැරවල් දෙකකින් සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබෙන කරුඩුන් වහන්සේ පැල්මඩුල්ල රජමහවිහාරස්ථානය දක්වා වැඩ කිරිමට නියමිතයි.

    එක් රිය පෙරහැරක් බගවන්තලාව, බලංගොඩ හරහා පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා තවත් පෙරහැරක් නල්ලතන්නිය , ලක්ෂපාන, අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කෙරේ.

    මාර්ග තුනක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ අද රාත්‍රියේ පැල්මඩුල්ල රජ මහාවිහාරස්ථානයේ තැන්පත් කර හෙට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානය වෙත වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබේ. වෙසක් පොහෝ දිනයේ සිල් සමාදන් විම ඇතුළු ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වු ආගමික වතාවන් වලට සහභාගි විමට දිවියිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රි පාද උඩ මළුව වෙත පැමිණ සිටිහ.

    sripadaseson1 px 900 19 05

    sripadaseson2 px 900 19 05

    sripadaseson3 px 900 19 05

    Latest News