සති අන්තයේ ලක්ෂ 4ක් සිරිපා වන්දනාවට

මාර් 08, 2020

    මැදින් පසොළොස්වක පොහොය සමග යෙදී ඇති මෙම සති අන්තයේ ශ්‍රී පාද වන්දනාව සඳහා සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් පැමිණි බව, නල්ලතන්නිය පොලීසිය පවසයි. මේ වන විටත් විශාල පිරිසක් වන්දනාවේ නිරතව සිටින බවයි, පොලීසිය ප්‍රකාශ කළේ.

    වන්දනාකරුවන් රැගෙන නල්ලතන්නිය දක්වා පැමිණි බස් රථ සඳහා නගරයේ ප්‍රමාණවත් රථ ගාල් නොමැති නිසා නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ දෙපස වාහන ගාල් කර තිබේ. ඒ හේතුවෙන්, කිලෝමීටර 6ක් පමණ දුරක් වන්දනාකරුවන්ට පාගමනින් පැමිණීමට සිදුව තිබේ. අතරමග ධාවනය සඳහා බස් රථ යොදවා ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    වන්දනාකරුවන් අධික වීම හේතුවෙන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයක දැඩි තදබදයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 11:37

    Latest News