පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

නොවැ 30, 2018

    පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.

    ඊට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව සදහන් වේ.

    අද පාර්ලිමේන්තු කටයුතු සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී වන්නේද යන්න පිළිබඳ මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැත.

    බොහෝ දුරට එය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු තීරණය කරනු ඇති බව වාර්තා වෙයි.

    මේ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඊයේ (29) ඡන්ද 123 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    Latest News