ජලය,විදුලිය හා ගෑස් සඳහා සහන - ගෝඨාභය

නොවැ 10, 2019

    සියලු ප්‍රාදේශීය සභා සහ නගර සභා සමඟ ඒකාබද්ධව කසළ කළමනාකරණ වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය. තමන් බලයට පත්වීමෙන් පසු ජලය, විදුලිය හා ගෑස් සඳහා සහන ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැල්ලවාය නගරයේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ජන රැළියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් රැසක් එක්ව සිටියේය.

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 10:52

    Latest News