ඉන්ධන මිල වෙනස විසඳීමට යෝජනාවක්

නොවැ 29, 2018

    ඛනිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සාකච්ජා කර, පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විෂය බාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.


    ඉන්දියන් තෙල් සමාගමට අයත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ජාවකදී මෙම තීරණය ගනු ලැබුවා. බෙදුම්කරුවන්ගේ සංගමයේ ඉල්ලීම වූයේ තෙල් සංස්ථා පිරවුම් හල්වල විකුණුම් මිල හා ඉන්දීය තෙල් සමාගම් පිරවුම්හල්වල මිල ගණන් සමාන මට්ටමකට ගෙන එන ලෙසයි.

    තෙල් සංස්ථා පිරවුම්හල් තෙල් මිලට වඩා ඉන්දියන් තෙල් සමාගමේ පිරවුම්හල්වල ඇති මිල ගණන් ඉහළ මට්ටමක පවතිනවා. මේ තත්වය තුළ තමන්ට පාඩුවක් සිදුවන බවයි එම සංගමය කියා සිටියේ. විෂමතාව මඟහරවා ගැනීමට කඩිනමින් පියවර ගන්නැයි, අග්‍රාමාත්‍යතුමා විෂය බාර අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට උපදෙස් ලබා දුන්නා. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News