මීලඟ ජනාධිපති අනුර කුමාර නම් මම කැමති - පා.ම. දුමින්ද

නොවැ 09, 2019

    ශ්‍රී ලංකාවේ මීලඟ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්කර ගැනීමට හැකි නම් තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ බළ මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා.......

    අනුර කුමාර දිසානායක මහතාට මේ රටේ ඡන්ද ලක්ෂ 04 ක්, 05 ක් ඇති තාරුණ්‍යයට වුණුත් එපා - මුණුත් එපා කියලා හිතලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නොත් තමන්ගේ පළවැනි ඡන්දය, රටේ නායකයා තෝරා ගන්න තියෙන වෙලාවේ, නොවටිනා කෙනෙකුට කතිරය ගහලා ඡන්දය ගඟට කැපුව ඉනි වෙනවා. රටට, ආගමට, ජාතියට ඒ ඡන්දය වටින්නේ නෑ.අනුර කුමාරගේ කථා වලට මමත් හරි ආසයි, දැක්ම-මතවාදය හොඳයි,නොවැම්බර් මාසේ 16 අපි කතිරය ගහන්නේ හොඳම කථාවට දෙන මනාපයක් නෙමෙයි. අපි තෝරන්නේ රටේ නායකයෙක්, අනුර කුමාරට 16 වැනිදා ජනාධිපති වෙන්න පුළුවන් නම් මමත් එනවා අනුර කුමාරට උදව් කරන්න. එයාට ජනාධිපති වුණොත් ඔය කියන ඒවා කරන්න පුලුවන්යැ. ජනාධිපති වෙන්න බැරි නම් අපි ගහන කතිරය වැඩක් වෙන්නේ නෑ. යැයි පැවසීය.

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 12:17

    Latest News