වාහන තුනක් එකට ගැටී 3ක් රෝහලේ

නොවැ 09, 2019

    තණමල්විල උඩවළව ප්‍රධාන මාර්ගයේ කොමලිගම ප්‍රදේශයේ දී අද (9) උදෑසන ලොරි රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ.

    මෙම අනතුරින් එම ලොරි රථ වල ගමන් ගන් ගත් රියදුරන් දෙදෙනකු සහ එක් රථයක රිය සහයක තුවාල ලබා තණමල්විල මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර ඔවුන් වැඩි දුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

    එක් ලොරි රථයක රියදුරට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. අනතුර සම්බන්ධයෙන් විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

    7565d3d16a8fd68d26e8c2c5bfca927e.0

    a605a06e5e4d412c290635f98f93990e.0 1

    cd9822b9c272e045188e56be060433e1.0

    789be539044c54e276c1cd0b158abb30.0 1

     

    Last modified on සෙනසුරාදා, 09 නොවැම්බර් 2019 12:15

    Latest News