ගෝඨාභයගේ මුස්ලිම් ඡන්ද සියයට 10කට වැටේ: වැඩි කර ගැනීමට සන්තෝසම් - මහින්දානන්ද

නොවැ 09, 2019

    මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    මේ අන්දමින් මහින්දානන්ද අලුත්ගමගේ කල ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් පවතින අතර එය මහනුවර මුස්ලිම් නියෝජිතයින් ඇමතිමේ රැස්වීමේදී කළ ප්‍රකාශයකි.

    මැතිවරණ ව්‍යාපාරය පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

    "අද දිනයේ සමාජ මාධ්‍ය ජාලවල බ්‍රෝ කියන පිටුවක සහ තවත් පිටු කිහිපයක සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද තියෙන්නෙ 10%යි ඒක 25% දක්වා වැඩිකරලා දෙන්න කියලා මුස්ලිම් ජනතාවට පාසලක් හදලා දෙනවා කියලා ප්‍රකාශයක්. මේක මේ බ්‍රෝ කියන පිටුව මඟින් තමයි කරන්නෙ පහුගිය කාලෙ පුරාම මේ මඩ ප්‍රචාරය අරගෙන ගියා.

    මම ඒකෙ පැහැදිලිව කියන්නෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපට ඡන්දෙ දුන්නෙ 10%යි. නමුත් තමුන්නාන්සෙලා අපි ගාව වැඩ කරවාගන්න එනවා. ඒනිසා 25%ක්වත් අපට ඡන්දෙ දෙන්නෙ නැතුව මගෙ ළඟට එන්න එපා ! අපට ඔබේ ප්‍රශ්න කියන්න එපා ! කියන එක තමයි මම මුස්ලිම් ජනතාවට කිව්වෙ. ඒ සම්පූර්ණ කතාවෙදි මම එහෙම තමයි සඳහන් කරලා තියෙන්නෙ.

    ඒ අවස්ථාවේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපට ඉගන ගන්න මුස්ලිම් අයට පාසලක් නෑ කියලා. මං කිව්වා පාසලක් හදලා දෙන්නම්, තමුන්නාන්සෙලා ඉස්සෙල්ලා ඡන්දෙ දෙන්න. දිනන අපේක්ෂකයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වා. මේක කපලා වෙනස් කරලා විකෘති කරලා හදලා තියෙනවා. මම මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කරන්නේය.

    මෙයින් පැහැදිලිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම් ප්‍රජාව වෙත කරන විවෘත ඉල්ලිමකි. ඒ අනුව පෙනි යන්නේ මහනුවර මුස්ලිම් ඡන්ද ප්‍රමාණය 10%ක දක්වා කඩා වැටි ඇති බවයි.

     

     

     

     

     

     

    Latest News