පොහොට්ටුවේ රැළියට ගොස් එමින් සිටියදි තරුණියකට අතවරයක්

නොවැ 08, 2019

    පොදුජන පෙරමුණේ කෑගල්ලේ පැවති දේශපාලන රැළියකට සහභාගිවී බස් රථයකින් ආපසු එමින් සිටි තරුණියකට, තරුණයෙකු ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර  ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    විමර්ශන ආරම්භ කර ඇත්තේ තරුණියගේ පියා කළ පැමිණිල්ලකට අනුවයි.

    තම බිරිඳ සමග රැළියට සහභාගිවීම සඳහා ගිය දියණිය රාත්‍රී 11 වන තෙක් නිවසට නොපැමිණි බව තරුණියගේ පියා පොලිසියට පැමිණිලි කර තිබේ. බස් රථයෙන් රැළියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි තරුණයෙකු විසින් තරුණිය හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව පසුව කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. තරුණිය අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.

    Latest News