දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළට 

නොවැ 06, 2019

    කොළඹ නගරයේ වායු දූෂණය, සාමාන්‍ය තත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසන්නේ, ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ යාම මීට හේතුවූ බවයි. ඉන්දියාවේ, දිල්ලි අගනුවර වායු දූෂණය මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි තත්වයක් ද එම නගරය ආශ්‍රීතව ප්‍රකාශයටය පත්කර තිබේ. කොළඹ නගරයට ඉහළ වායු ගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද ප්‍රකාශ කළේය. ඉහළ අහසේ පවතින මීදුම වැනි තත්වය දූවිලි අංශු බව පැවසේ. වායු දූෂක තත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ වායුවේ දූෂ්‍ය මට්ටම 155ක් වන බව දැක්වේ.

    බත්තරමුල්ල, හෝමාගම සහ නුවර යන නගර මෙම වායු දූෂක තත්වයට පත්ව ඇති අනෙකුත් නගරවේ මේ අතර කොළඹ සහ බත්තරමුල්ල යන නගර එම දර්ශකයේ දැක්වෙන්නේ ශරීරයට හිතකර නොවන කාණ්ඩය යටතේයි. කෙසේ වුවත් මේ තත්වය හෙට දිනයේ දී සාමාන්‍ය අතට පත්විය හැකි බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. වායු දූෂණය හේතුවෙන් “නවදිල්ලි“ අගනුවර වසා දමා තිබූ පාසල් අද යළි විවෘත කෙරිණ. අද උදෑසන වනවිට “නවදිල්ලි“ නගරය ආශ්‍රිත වායු දූෂණ තීව්‍රතාව පහළ අගයක් පෙන්නුම් කරමින් වාතයේ ගුණාත්මකභාවය තරමක් ඉහළ අගයකට පැමිණ ඇති බව වාර්තාවේ. ඒ අනුව, පාසල් යළි විවෘත කිරීමට තීරණය කර ඇතත්, වාතයේ ගුණාත්මකභාවය තහවුරු වනතෙක් බොහෝ පාසල්වල එළිමහන් ක්‍රියාකාරකම් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    Latest News