උසස් පෙළ වෘත්තීය විෂය ධාරා පාසල් 299කට රු..මිලියන 158ක්

නොවැ 06, 2019

    අධ්‍යාපන අමාත්‍යනීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාවට නංවන පාසල් වෙත  මූල්‍ය ප්‍රදාන ලබාදීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

    ඒ අනුවපාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින්පළමුදෙවැනි සහ තුන්වැනි අදියර යටතේ මෙම විෂය ධාරාව ක්‍රියාවට නැංවෙන පාසල් 299 කට රුපියල් 500,000 ක අවමයකට යටත් ව මෙම මූල්‍ය ප්‍රදාන වාරික වශයෙන් ලබාදීමට කටයුතු යොදා තිබේ. මේ සඳහා රුපියල් මිලියන 158ක මූල්‍ය ප්‍රතිපාදන යොදවා ඇත.

    මෙම මූල්‍ය ප්‍රදාන ඵලදායී ලෙස යොදාගතයුතු බවට උපදෙස් ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 40/2018 චක්‍රලේඛය නිකුත් කර ඇති අතර,  ඒ අනුව  මෙම මූල්‍ය ප්‍රදානය පාසල් සංවර්ධන සමිති ගිණුමට බැර කරනු ලබයි. චක්‍රලේඛ විධිවිධානවලට අනුකූල ව නියමිත කාලසීමාව තුළ උපරිම කාර්යක්ෂමතාවයෙන් හා ඵලදායිතාවයෙන් යුතුව වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් මෙම මූල්‍ය ප්‍රදාන යොදවා ගැනීම ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ගේ වගකීම වේ.

    වෘත්තීය විෂය ධාරාවට අදාළ විෂය ක්‍රියාකාරකම්විෂය සමගාමී සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා ඉගෙනුම් පරිසර සංවර්ධනයඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පාසල් මට්ටමින් ඉටුකරලීමට අවැසි තීරණ ගත හැකි පරිදි පාසල බලාත්මක කිරීම මෙම මූල්‍ය ප්‍රදානයේ අරමුණයි.

     අනාගත වැඩලෝකයට අවශ්‍ය වෘත්තීය හැකියාවන් සහිත මානව සම්පත් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම වෙනුවෙන් සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකා මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත. වසර 13ක අධ්‍යාපනයෙන් පසු ජාතික වෘත්තීය සුදුසුකම 4 (NVQ4) සහතිකය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පිරිනමන වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ උසස් සහතිකය (Advance Certificate in Vocational Education)  පිරිනැමීම ද මෙහි විශේෂත්වයයි.

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 17:30

    Latest News