පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරයට ප්‍රබල ප්‍රහාර 02ක්: එකක් චන්ද්‍රිකාගෙන්

නොවැ 06, 2019

    පසුගිය දින කිහිපය තුළත්, විශේෂයෙන් ඊයේ දිනයේදිත් දේශපාලනික වශයෙන් එල්ල වුණු ප්‍රබල ප්‍රහාර දෙකක් හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දැවැන්ත බලපෑමකට ලක්ව ඇති බව ආරංචි මාර්ග පවසයි.

    අනුර කුමාර දිසානායක මහතාට පළමු සලකුණු කර, වෙනත් ඕනෑම අයෙකුට දෙවන මනාපය ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් ප්‍රකාශ කිරිම ඒ අතර ප්‍රබල කරුණවි තිබේ. නොවැම්බර් 02 වනදා ඇඹිලිපිටියේ පැවති ජනරැළියකදී කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළ අතර ඊට විශාල මාධ්‍ය අවධානයක් ඊයේ (05) දිනය හිමිවුයේය.

    දෙවැන්න නම් ඊයේ දිනයේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පැවැත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විකල්ප කණ්ඩායමේ විශේෂ සමුවුවේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කෙරිණ. ඇය විසින් ඊයේ පැවැත්වූ සමුළුවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පිරෙන්නට සෙනඟ පැමිණීමත් පොහොට්ටුවට ඡන්දය දිමෙන් වැලකි සිටින ලෙස කළ ඉල්ලීම ඒ අතර ප්‍රධානවේ. ගෝඨාභය රාජපක්ෂ හැර ඕනැම අපේක්ෂකයෙකුට ඡන්දය භාවිතා කර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් රටත් ආරක්ෂා කර ගන්නා ලෙසත් හිටපු ජනපතිනිය විසින් සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කළාය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වන බව පවසන්නේ ශ්‍රීලනිපයේ ලක්ෂ 14ක ඡන්ද ගොඩ සහ 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පොහොට්ටුව ලබාගත් ඡන්ද ලක්ෂ 50ට එක් කිරීමෙනි. එහෙත් දැන් එය එසේ සිදු නොවන බවත් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් චන්ද්‍රිකා - වෙල්ගම ශ්‍රීලනිප නායකත්වය නිසා පොහොට්ටුවට අහිමි වන බවත් ඔප්පු වී තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර දෙවැනි මනාපය ප්‍රකාශ නොකිරීමේ දැඩි ස්ථාවරයක සිටි අතර පොහොට්ටුව එය තම ජයග්‍රහනයක් ලෙස සලකා සිටියේය. ජවිපෙ මේ වන විට දෙවැනි මනාපය කැමති අපේක්ෂකයෙකුට ලබාදිමට ප්‍රකාශ කිරිම පොහොට්ටුව තවත් වටයකින් පිහිණි අභියෝගයක් වි ඇත. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව දෙවැනි මනාපය සැලකා බැලිමකට යොවු වුවහොත් එය ද පොහොට්ටුවට අවාසි සහගත තත්වයක් උදාවේ.

    දෙමළ ජාතික සන්ධානයේ සහය සම්පූර්ණයෙන්ම එජාපයට නොලැබී යනු ඇති බවට සහ එයින් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබෙනු ඇති බවට වූ බලාපොරොත්තු ද පසුගිය ඉරිදා බිඳ වැටුනේය. දෙමළ ජාතික සන්ධානයේ විධායක සභාව ඉරිදා රැස්වි තිරණය කලේ කොන්දේසි විරහිතව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට මහතාට සහය පළ කිරිමටයි. මේ සම්බන්ධ ස්ථාවරය ඉදිරි දින කිහිපයේදි රටට දැනුම් දීමට නියමිතව තිබේ. මෙහිදි පොහොට්ටුවේ ප්‍රචාරක මාධ්‍ය විසින් කොන්දේසි 13ක එකඟතාවක් ඇති බවට ප්‍රචාරයක් ගෙන යාමට කළ උත්සහය පුස්සක් බවට පත්ව ඇත.

    ඒ සියල්ල මැදින් පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය බිඳ වැටෙද්දි මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම දිසාවට ඊයේ දිනයේදි ඔවුන් ප්‍රචාරක කටයුතු යොමු කරනු ලැබිණ. මෙම ප්‍රචාරක ව්‍යාපාරය සාර්ථකර කර ගැනීමට අභියෝගයක් වි ඇත්තේ ගොඨාභය රාජපක්ෂ මහතාගේ සහා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ඇමරිකානු පුරවැසිකම පිළිබඳ සංවාදය සමාජය මාධ්‍ය සහ ප්‍රතිවිරුධ පාර්ශව විසින් මතු කිරිමේ වටපිටාවක් තුළයි.

     

    Latest News