පොහොට්ටුවේ නායක මහින්දට අලව්වෙන් ඇරඹි පාක්ෂික බාධාව හසලකදීත් (විඩියෝ)

නොවැ 06, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (05) හසලකදී පැවැත්වූ ප්‍රචාරණ රැළියේදී ද මහින්ද රාජපක්ෂ මහතාගේ කතාව අතරතුර පාක්ෂිකයින් කෑකෝ ගසමින් ඊට බාධා කර තිබේ. එම තත්වය පාලනය කිරිමට මහින්ද රාජපක්ෂ මහතා ගත් උත්සහය අසාර්තවි ඇති අතර එයින් ඉන් කණස්සල්ලට පත්ව දැක්වූ ප්‍රතිචාරය පහත ආකාරයෙනි.

    "ඔහොම ඉන්න අගහෙන ඉන්න පොඩ්ඩක්. ජයවේවා කියන වෙලාවක් තියෙනවා. ඔව්, ඒක හින්ද සහෝදරවරුනි .... මේ දැන් අපි ජයවේවා කියමුද පාරක් ? ආහ්. දැන් එහෙම නම් නවත්තාගන්න. .... හරි ... දැන් කතා කරා ඇති, මට කතා කරන්න දෙන්න. දැන් මට කතා කරන්න දීලා ... නැත්තං වේදිකාවට ඇවිල්ලා ඔබතුමාලා කතා කරගන්න.

    මොකද ඔය අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවානෙ, කෑ ගහන්නෙ දෙන්නයි තුන් දෙනයි ජයවේවා ගගා.... ආහ් .... ? ඉතිං කරුණාකරලා දැන් මේක නවත්තන්න ..." කෙසේවෙතත් පාක්ෂිකයින් අතරින් ඇසුණේ නම් මහින්ද රාජපක්ෂ මහතා පැවසූ ආකාරයේ "ජයවේවා" කීමක් නොව අපැහැදිලි ඝෝෂාවකි.

    නොවැම්බර් 01 වනදා අලව්වේ පැවති පොහොට්ටු රැස්වීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මත්න්‍රි ශාන්ත බණ්ඩාර මහතා අමතන අවස්ථාවේදි ඔහු හූ කිව් අතර මහින්ද රාජපක්ෂ මහතාගේ කථාවට හූ කියමින් පාක්ෂිකයින් පිරිසක් බාධා කරන ආකාරය දක්නට ලැබිණි. එ අනුව මහින්ද රාජපක්ෂ මහතා සිය කතාව ක්ෂණිකව අවසන් කර වේදිකාවෙන් පිටව ගියේය. ඉන් පසු පැවති ජන රැළි කිහිපයකදීම මෙම බදාවන් දිගින් දිගටම සිදුවුයේය.

     

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 15:58

    Latest News